ලංකාවේ බොහෝ පරිගණක වැඩසටහන් සම්පාදකයන් අදටද භාවිත කරනු ලබන පරිගණක භාෂාව කුමක්දැයි විමසුවොත් උත්තරය ලෙස  ලැබෙනුයේ විෂුවල් බේසික් යන්නය. බොහෝ දෙනෙක් ජාවා හෝ සී වැනි භාෂා ඉගෙන ගත්තද ඉතා පහසුවෙන් පරිගණක වැඩසටහනක් සකසා ගැනීමට විෂුවල් බේසික් පරිගණක භාෂාව භාවිත කළ හැකිය. ලෝකය කාලයත් සමඟ වෙනස් වුවද මෙහි ඇති පහසුකම් භාවිතයෙන් හෙටටද පරිගණක වැඩසටහන් සැකසිය හැකිය. ඉතා අඩු පහසුකම් සහිත පරිගණකයක වුව විෂුවල් බේසික් ස්ථාපිත කොට පරිගණක වැඩසටහන් සැකසීමේ හැකියාව ඇති නිසාම තවත් වසර ගණනාවක් මෙම පරිගණක භාෂාව ලෝකයේ භාවිත වනු ඇත.


නමුත් ලෝකය වෙනස් වී ඇත. අපගේ පරිගණකද වේගවත් වී ඇත. පරිගණක වැඩසටහන් අන්තර්ජාලය ඔස්සේද  ක්‍රියාත්මක විය යුතුව ඇත. කාලය ඉතා වැදගත් වී ඇත. ඉතා පහසුවෙන් වේගවත්ව වැඩසටහන් සැකසීමේ හැකියාව අප ලබාගත යුතුය. එසේනම් අප ඩොටි නෙට් 2010 වෙත පිවිසෙමු.  


ඔබ වෙනුවෙන් විෂුවල් බේසික් ඩොඩි නෙට් 2010 පන්තිය ආරම්භ කිරීමට මා සූදානමින් සිටිමි.
ඔබට කැමති වේලාවක් මිතුරන් කිහිපදෙනෙක් සමඟ එකඟව තීරණය කරන්න. එම වේලාව kotuwegedaraඇටිgmail.com  ගිනුම වෙත යොමු කරන්න. වැඩි පිරිසක් කැමති වේලාවක නොමිළයේ අන්තර්ජාලය උපයෝගී කොට ඔබගේ පාඩම් මාලාව මෙහෙයවනු ඇත.

 

එතෙක්  ඩොඩි නෙට් 2010 මුහුණත් බලමින් එහි ආනන්දය විදින්න. ඇති ගැටළු කමෙන්ට් මගින් දන්වන්න.