බිත්ති හතරකින් වටවුනු කාමරයත් තුලට පිවිස පසුව ඒ තුල කරපු කියපු දේ  දැන සිටියානම්  ඒ ඔබත්, කාමර‍යේ සිටි අයත් පමණි. ‍ඔබ උගන්නන දේත් ඔබ ඉගෙනගන්නා දේත් මේ බිත්ති හතරෙන් පිට සිටින කිසිවෙකුට නොපෙනුනේ තාක්ෂ‍ණයේ වරදක් නිසාම නොවේද  Power Point 2010   කාමරයේ සිට කරන ‍දේ අන්තර්ජාලයේ සිටින අයටද ‍දැකගත හැකි අවස්ථාවක් උදාකර දී තිබේ.

කළයුත්තේ Side Show පටිත්තෙහි  ඇති Broadcast Slide Show යන නිරූපකය ක්ලික් කිරීමත් පසුව ඔබට ලැබෙන සංවාද කවුළු‍වෙන් Start Broadcast යන්න ක්ලික් කිරීමත් පමණි.

 

පසුව ඔබ වෙත ලැබුනු සබැඳුම ඔබ කරන කියන දේ දැකීමට කැමති අය වෙත ලැබෙන්නට සලස්වන්න.

 

ඔබගේ ඉදිරිපත් කිරීම සබැඳුම ඔස්සේ පැමිනෙන  සියල්ලන් හට  එලෙසින්ම දැකගත හැකිවනු ඇත.

මෙම පහසුකම සැබෑම පහසුකමක් නොවේද?