අප බොහෝවිට බොහෝ දේ බැහැර කරනු ලබයි. විවෘත මෘද්‍රකාංගවලට සහය දක්වන්නන් මයික්‍රෝසොෆ්ට් මෘදුකාංග බැහැර කරති . මයික්‍රෝසොෆ්ට්  මෘදුකාංග  අපගේ ආර්ථීක සාරය උරා බොන්නට පැමිණි මෘදුකාංග ලෙස ඔවුන් දකි. මයික්‍රෝසොෆ්ට් මෘදුකාංග භාවිත කරනන් සිතා සිටිනුයේ ලොව අංක එකේ මෘදුකාග නිපදවනුයේ මයික්‍රෝසොෆ්ට් සමාගම බවයි. නමුත් ඇත්ත එය නොවේ. අප සෑම තාක්ෂණයක්ම දැනගත යුතුය. ඒ කිසිවක් කිසිවිටක බැහැර කළ යුතු නොවේ.  ලෝකයේ බොහෝ පිරිස් තම නැන පමනින් තාක්ෂණය භාවිත කරති, හා එහි අසිරිමත් වූ වින්දනය ලබමින් තම දෛනික අවශ්‍යතා පරිගණකය මෙහෙයවා කරගනු ලැබේ. නමුත් ශ්‍රී ලාංකිය අප දෙකොන පටලවා ගෙන වල්මත් වී සිටිති. 

නොමිලේ දැනුම ලැබේ නම්, දැනුම අප ජීවිතයට වැදගත් නම් කුමන තාක්ෂණයක් කුමන ලෙසකින් හැදෑරුවද කම් නැත. PHP වෙනුවට  ASP ද  Apache  වෙනුවට  IIS .Net  හෝ වෙනත් කවර දැනුමක්ද අප විසින් ලද යුතුය.  හැකිනම් මේ සියලුම තාක්ෂණයන් අප අපගේ අවශ්‍යතාවය වෙනුවෙන් යොදා ගත යුතුය.  

එන්න ඩොට් නෙට් තාක්ෂණය නොමිලේ හදාරමු. එම මෘදුකාංග නොමිලේ ලබාගනිමු. ඒම තාක්ෂණයෙන් වෙබ් අඩවි සකසමු. සියල්ල නොමිලේම ලබා ගනිමු. හෙට දින සියල් දැනුමින් පිරිපුන් පිරිසක් වෙමු.

Website Spark නොමිලේ ඉහත හඳුනාගත් සියල්ල ඔබ වෙත ලබාදෙනු ලබන අවස්ථාවකි. මයික්‍රෝසොෆ්ට් කුමන අරමුණකින් මෙය නොමිලේ දුන්නද අපගේ ඉලක්කය දැනුම නම් එය සොයාගෙන යමු. ඉන් අප ජීවිතය වර්ණවත් කරගනිමු.

Opportunity Visibility, support and software for professional Web Developers and Designers - at no upfront cost!

මේ සියල්ල දැන ගත් ඔබ මෙම අඩවියේ සාමාජිකත්වය නොගත්තෙක්ද? දැන්ම තීරණය කරන්න -->