ශ්‍රී ලංකීය අපට කොහා යනු සුපුරුදු සත්ත්වයකි. එහෙත් කොහා ලාංකීය අනන්‍යතාවයකින් යුතු පක්ෂියෙක් නොවේ. අද පාඩම කොහා විවෘත කේත සහිත මෘදුකාංගය ගැනය. කොහා යනු අප හඳුනන සත්ව නාමය ආදේශ කිරීම නොවේ . මෙය නවසීලන්තයේ සිටින පොලිනේසියානු ජාතීන්ගේ Māori භාෂාවෙහි වචනයක්ය. මෙහි තේරුම පරිත්‍යාගය හා දායකත්වය යන්න. විවෘත තේක මෘදුකාංගයක් තුල පරිත්‍යාගය හා දායකත්වය සැබැවින්ම ගැබ්විය යුතුය. එබැවින් මෙයට ලබාදුන් නාමය නම් සැබෑ නිර්වචනයක්ම වේ.

කොහා මෘදුකාංගය පුස්තකාල සඳහා ලෝකයේ සැකසූ පළමුවන විවෘත කේත සහිත මෘදුකාංගය වේ. 1999 හා 2000 වසර වලදී පළමුව ලෝකයාට නිරාවරණය කළ මෙම මෘදුකාංගය ලෝකයේ බොහෝ පුස්තකාලවල හා ශ්‍රී ලංකාවේ රුහුණු විශ්ව විද්‍යාලයේද භාවිත කරන ජනප්‍රිය මෘදුකාංගයක් වේ.

පුස්තකාලයක් පරිගණකගත කිරීම යනු ඉතා සරල කටයුත්තකැයි ලාංකීය පරිගණක භාෂාවන් දන්නා බොහෝ පිරිස් සිතනු ඇත. සැබැවින්ම එය එසේමය. නමුත් වර්තමාන පුස්තකාල මෘදුකාංගයක බොහෝ පහසුකම් තිබිය යුතුය. මෙහිදී පුස්තකාලය තුල ඇති පුස්තකාල ද්‍රව්‍ය පුස්තකාලයට නොපැමිණෙමින් වෙන්කරගැනීම. පුස්තකාලය තුළ ඇති පුස්තකාල ද්‍රව්‍ය අදාල පුස්තකාලය තුළ තිබේද යන්න දැනගැනීම. යම් පුස්තකාලයක නොතිබෙන පොතක් වෙනත් පුස්තකාලයක තුළ ඇත්නම් ඉන් ලබාදෙන ලෙස ඉල්ලීමක් කිරීම, පුස්තකාල සඳහා පොත් මිළදී ගැනීමේදී පාඨක අවශ්‍යතා හඳුනාගැනීම මගින් අවශ්‍ය හොඳම කෘතිය පාඨකයා වෙත ලබාදීම වැනි පහසුකම් පුස්තකාල මෘදුකාංගයක් තුළ තිබිය යුතුය. එසේම පුස්තකාල ද්‍රව්‍ය සුචිකරණයේදී හා පුස්තකාල හා පුස්තකාල අතර සුචිකරණ දත්ත හුවමාරු කරගැනීමේදී (Z39.50) සම්මත දත්ත ආකෘතියකින් (MARC standards) එය සිදුවිය යුතුය.

කොහා මෘදුකාංගය කොටස් දෙකින් යුතුවේ. (පුස්තකාල මෘදුකාංගයක් කොටස් දෙකකින් යුතු විය යුතුය)
• පුස්තකාලාධිපති හා පුස්තකාල ද්‍රව්‍ය සුචිකරණ කිරීමට පහසුකම් ලබාදෙන අතුරු මුහුණත.
• මාර්ගගත මහජන ප්‍රවේශ සුචිය. Online Public Access Catalog (පුස්තකයන්ට පුස්තකාල ද්‍රව්‍ය සොයාගැනීමට පහුසුකම් ඇති හා පුස්තකාල ද්‍රව්‍ය වෙන්කරගැනීමේ හැකියාව ඇති අතුරු)

කොහා මෘදුකාංගය වෙබ් පදනම් මෘදුකාංගයක් වේ. ඉහත අතුරු මුහුණත් දෙකම වෙබ් පාදකය. මෙම අතුරු මුහුණත් සැකසීම සඳහා HTML හා Perl භාවිත කොට ඇතිඅතර Apache වෙබ් සර්වරය මත ක්‍රියාත්මක වේ. මෙහිදී මෙහි දත්ත ගොනුව ලෙස භාවිත කොට ඇත්තේ MySQL දත්ත ගොනුවය.
කොහා මෘදුකාංගය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක ස්ථාපිත කිරීම

පළමුවෙන්ම ඔබ පරිගණකයේ Apache මෘද්‍රකාංගය ස්ථාපිත කොට ගත යුතුය. පසුව MySQL පරිගණකයේ ස්ථාපිත කොට ගත යුතුය. එසේම Perl ස්ථාපිත කිරීමක්ද කළ යුතුය. Perl ස්ථාපිත කිරීමේදී c:\ හී usr නමින් සැකසූ ෆෝල්ඩරයක එය කළ යුතු අතරම කොහා මෘදුකාංගයද ස්ථාපිත කළ යුත්තේ c:\ හී usr ෆෝල්ඩරයේමය මෙය ස්ථාපිත කළ යුතුය මීට අමතරව කොහා සඳහා වන PerlModules ස්ථාපිත කිරීමක්ද කළ යුතුය.


මෙසේ නිවැරදිව ස්ථාපිත කිරීමෙන් පමණක් කොහා මෘදුකාංගය ක්‍රියාත්මක වේ. කොහා ඉදිරි සංස්කරණයන් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාත්මක කළ නොහැකි අතර එය ලිනක්ස් පද්ධතියේ පමණක් ක්‍රියාත්මක වනු ඇත.