මගේ චූටි පුතා ගොඩක් දවසකට පස්සේ පොතක් රැගෙන මා ගාවට ආවා. තාත්තී ගෙදර වැඩ දෙනවා මේ බලන්නකෝ පොත. හරි ෂෝක් නේ. මොකක්ද කරන්න තියෙන්නේ Rat අලවන්නද. හරි පුතේ අපි ලස්සනට අඳිමු. Rat අලවන්නේ නැතුව. ඔයා ලස්සනට පාට කරන්න. එතකොට ඔයාට පාට කරන්න අත හුරු වෙනවානේ. ලස්සනයි තාත්තේ. මට වෙනදා නම් හොඳට අත හුරුයි පුතේ. බලමු ටීච ලකුණු කීයක් දෙයිද කියලා.

තාත්ති මේ බලන්න මට තරුවකුත් දුන්නා. ලකුණුත් දුන්නා හරි ෂෝක්නේ ලකුණු දහයෙන් හයක්ම දීලානේ. අපි හෙට මීට වැඩිය හොඳට අදිමු. එතකොට තව වැඩියෙන් දෙයි. තාත්තී අද දහයෙන් හතයි නේ. ඒකනේ පුතේ එකින් එක වැඩිවෙනවා උනන්දුව වැඩිවෙන කොට ලකුණුත් වැඩිවෙනවා. තාත්තේ අදත් ලකුණු දුන්නා හොද පුතා කියුවා හරි ෂෝක් දැක්කද පුතේ ලකුණෙන් ලකුන වැඩි වෙලා අද දහයෙන් දහයම අරගෙන නේ බලන්න මේ සතියේ එකින් එක ලකුණු වැඩි වෙච්ච හැටි. උනන්දුව උත්සාහය තමයි ජයග්‍රහනය වෙතයන්න තියෙන කෙටිම මඟ

චූටි පුතාව මම දිරිමත් කලා ඒත් අවාසනාවකට දහයෙන් දහය ලැබුනු දවසේ ඉදන් පුතාට මොන්ට් සෝරි යන්න බැරිවුනා පුතා ලෙඩ උනා මමයි බිරිදයි මාරුවෙන් මාරුවට නිවාඩු දාලා පුතාව බලා ගත්තා. මේ මාසේ දෙවෙනිදා පුතා ආයෙත් මොන්ටි සෝරි ගියා. එදා දීපු ගෙදර වැඩ ඊයේ උදේ අපි දෙන්නා එකතුවෙලා කළා. අද උදේ පොත බැලුවා තාත්තී ලකුණු කීයද? එකොලහෙන් තුනයි. මාරයි. (මේ ටීචට පිස්සුද කොහොද මම එහෙම හිතන ගමන් දින දසුන වෙත නෙත් යොමු කළා.) පුතේ අපි අද ලස්සනට මේ චිත්‍රය අඳිමු. ත්‍රීවීල් එකක් නේ, ඔයා පාට කරන්න. ඔන්න පුතේ අපි කරන හැමදේකම ප්‍රතිථලය අපට අවසානයේ ලැබෙනවා. හොඳක් කළොත් හොඳ උත්තරත් නරකක් කළොත් නරක උත්තරත් ලැබෙනවා. හැම දෙයකම අවසාන උත්තරය අපි කරන දෙයින් තේරුම් ගන්න පුළුවන්. අපි යමක් කළොත් ඒකේ උත්තරය කලින්ම හිතා ගන්න පුළුවන් පුතේ අද ඔයා ඇඳපු චිත්‍රයට එකොළහෙන් හතරක් ලැබෙනවා.

පුතා ඇඳගන්න. පරක්කු වෙලා අංජලා හයියෙන් කියුවා.