මට උඩබලන් ඉන්න පුළුවන්ද (Proxy no Sexy)

අන්තර්ජාලය සියළු සිතුම් පැතුම් ඉටුකරමින් පවතින ස්වර්ණමය යුගයක අප ජීවත් වේ. අපට අවැසි දේ මෙන්ම අනවශ්‍ය දේද අපට නොදැන අප දෙපා ලගට ගෙනත් දීමට අන්තර්ජාලය සමත්වී ඇත. අපට අවැසි කුමක්ද අනවශ්‍ය දේ කුමක්ද යන්න අපට නොතේරුනද. ආයතනයක සේවකයෙකු නම් එම ආයතනයේ සේවාවන් ප්‍රසස්ථ මට්ටමින් ඉටුකරදීමත් ආයතනයේ අරමුණු සාක්ෂාත් ඔහු සතු වගකීමක් හා යුතුකමක්ය . ඔබ ආයතයේ සේවකයන් ආයතනයේ අරමුණු වෙනුවෙන් අන්තර්ජාලය භාවිත නොකරයි නම් එයට දිය හැකි හොඳම විසදුම Proxy ය. එසේම අන්තර්ජාලය වේගවත්ව භාවිත කිරීමටත් මෙමගින් ඉඩහසර ලැබේ.

අප පාඩම CCProxy මෘදුකාංගය ස්ථාපිත කීරීමය

CCProxy නොමිලේ ලබාගත හැකි මෘදුකාංගයක් නොවේ. මෙය ස්ථාපිත කොට ගත් පසුව පරිශීලකයන් 3 දෙනෙක් දක්වා ඇතුළත් කිරීමට නොමිලේ පහසුකම් ලබාදේ. නමුත් රැපිඩ්ශේයා දෙවියන්ට පිංසිදුවන්නට මෙය මිළදී නොගෙන මෘදුකාංගයට නොරිදෙන්නට පළුදු කොට (crack) භාවිතයට ගත හැකිය. මේ සඳහා ගූගල් වෙත පිවිස ccproxy rapidshare ලෙස සටහන් කොට මෘදුකාංග ඇසුරුම පරිගණකය වෙත භාගත කොට ගන්න. එය ද්වික්ලික් කීරීම මගින් පරිගණකයේ ස්ථාපිත කොටගන්න. නොමිලේ ඔබ වෙත ලැබුනු පළුදු වැඩසටහන භාවිත කරමින් මෙය නීත්‍යානු කූල කරගන්න. (හැබැයි නීතිය තදයි) දැන් මෙම CCProxy මෘදුකාංගයේ ඇති Account නිරූපකය ක්ලික් කිරීමෙන් අනතුරුව ලැබෙන කවුළුවෙහි ඇති Auto Scan බොත්තම තෝරන්න. එහිදී ඔබගේ ජාලයේ තිබෙන පරිගණකවල IP ආරම්භය හා අවසානය ලබාදෙන්න. මෙහිදී ඔබ ආයතනයේ ජාලයේ ඇති සියළු පරිගණක වල IP ලිපිනයන් මෙම ගින් දක්වනු ඇත. මෙහිදී එක් එක් පරිශීලකයාට දිය යුතු හා නොදිය යුතු පහසුකම් තීරණය කරන්න (මූණ බලා).

පසුව වෙබ් බ්‍රවුසරයෙහි Option යන්න තෝරා Proxy යෙහි IP එක ලබාදෙන්න.

දැන් බලාගෙන ඉන්න. කට්ටිය මොන මොන අඩවිවලටද යන්නේ කියලා



ඉතුරුටික ඔබට භාරයි.


හිතන්න දැන් ඔයා තමයි ලොක්කා හැබැයි පරිස්සමින් කට්ටිය හරි සැරයි.