බලාගෙන ඉන්නවා කියලා.

වෙලාවකට මට හිතෙනවා මම මේ කරන්නේ වැරදි වැඩක් කියලා. ඒත් කොච්චර බලාගෙන හිටියත් මට ඇතිවීමක් නම් නෑ. ඔයා මගේ කියලා හිතුව දවසේ ඉදලා මම බලාගෙන ඉන්නවා. ඇත්තටම මට ඔයා අයිති නැතුව ඇති. මට මාවත් අයිති නැති ලෝකයේ ඇයි මම, ඔයා මගේ කියලා හිතාගෙන ඉන්නේ. මට මාව තේරුම් ගන්න බෑ. ඒත් මම ඔයාට ආදරෙයි ඔයා කාත් සමඟද කථා කරනේනේ. මොනවාද කරන්නේ. හැමදේ දිහාම මම බලාගෙන ඉන්නවා. ඔයා වැරදි වැඩක් කරන හැමවෙලාවෙම මම ඔයාගේ පරිගණකය නිවනවා. ඔයාගේ ෆයිල් හැම එකක්ම ඔයාට හොරෙන් බලනවා. මේ හැමදේම දැනගත්ත දවසට ඔයා මට වෛර කරයිද මන්දා. ඒත් වෙලාවකට මටම බය හිතෙනවා මම මේ කරන දේ වෙන කෙනෙකුත් බලාගෙන ඉන්නවාද කියලා.

ඔයා තරහ නෑ නේද ?. මේ මම ඔයාගේ එක දිහා බලාගෙන ඉන්න හැටි.



මේ හැමදේම කරන්නේ Net Monitor for Employees මෘදුකාංගය භාවිත කරලා.

අද පාඩම.

Net Monitor for Employees මෘදුකාංගය ජාලයක් තුළ තිබෙන පරිගණකවල තිරපිටපත් ක්ෂණිකව දැක්වෙන මෘදුකාංගයකි. මෙමගින් ජාලය හා සම්භන්ධ වී තිබෙන සියලු පරිගණක දුරස්ථව පාලනය කළ හැකිය. පරිගණකය නිවා දැමීම පවා කළ හැකිය. ආයතනයකට මෙය ස්ථාපිත කරගත් පසුව. සියලු සේවක ක්‍රියාකාරකම් පරිපාලකට බලාගත හැකිය. එක් එක් ක්‍රියාකාරකම් ගබඩාකොට පසුව නැරබිය හැකිය.

ඉගෙන ගත යුතු පාඩම

ඔබ නොදන්නා පරිගණකයක වැඩ කරන විට මෙම මෘදුකාංගයේ ග්‍රහණයට නතුවී ඇද්දැයි සැකහැර දැනගත යුතුය. මන්ද ඔබට හොරෙන් ඔබේ බොහෝ දේ ඔබට අහිමි විය හැකිය. අනාගතය ඉතා බිහිසුනු එකක් වනු ඇත.