ඔබගේ ජීවිතයට ඔබ පාට දෙනවාද ඔබේ පාට අනුනට දෙනවාද?

ලංකාව හරි අපූරු රටකි බොහෝ ඉහළ තනතුරු දරන මිනිසුන්ට බොහෝ දේ කළ නොහැක. බොහෝ විට ප්‍රාථමික කාර්යක් පවා බොහෝ ඉහළ තනතුරු දරණ අයට කරගත නොහැක. නමුත් ඔවුන්ට සහතික ඇත. රාජ්‍ය අංශය ගත හොත් මෙයට ඕනෑ තරම් උදාහරණ ලබාදිය හැකිය. මෙම ඉහළ තනතුරු ලාභීන් ඔවුන්ගේ තනතුර ආරක්ෂා කරගනුයේ ඉතාමත් පහළයැයි ඔවුන් විසින් හදුන්වන තනතුරු වල පුද්ගලයන්ගේ දක්ෂතා හා හැකියාවන් උපයෝගී කරගනිමින්ය. එබැවින්ම මහරජානන්ට ප්‍රසස්ති ගී ගැයීමෙන් තොරව තම තම තනතුර එලෙසින්ම රදවාගැනීමට අපහසුවී ඇත. ඇත්තටම මෙම ඉහළ සහතික සහිත පුද්ගලයන්ගේ සහතික වලින් ඔවුන් ලබන එකම ප්‍රයෝජනය තනතුරත් නම්බුවත් පමණි. ලාංකීය අධ්‍යාපනයේ වරදක් ඇතැයි මම සිතමි. නමුදු එයට අභියෝග නොකරමි, එසේම ඒ පිළිබදව කතා කිරීම මාගේ මෙම ලිපියේ අදහස නොවේ.

ඔබට සහතික නොමැති නම්,. නමුත් හැකියාවන් ඇත්නම් ඔබට උඩට යන්න ඕනෑ නම් මින් ඉදිරියට මෙය කියවන්න , අපේ ජීවිතයට අපි කොහොමද පාට දෙන්නේ. අද පාඩම ලෝකයේ කුමන රටකට ගියත් පිළිගන්නා පරිගණක මෘදුකාංග සහතිකයක් ලබාගන්නා ආකාරයත් එය හැදෑරීමෙන් සැබෑ දැනුම සහිත පුද්ගලයෙකු වන ආකාරයත් පිළිබදවය.

CERTIPORT

Certiport යනු අන්තර්ජාලය ඔස්සේ කළ හැකි විභාග සදහා අත්වැල ලබාදෙන ආයතනයකි. මෙම ආයතනය මගින් ලබාදෙනු ලබන සහතිය ලෝකයේ ඕනෑම රටකදී වලංගු වේ, මෙහිදී Microsoft, Adobe, AutoCAD, QuickBook ආදී මෘදුකාංග සමාගම් වල මෘදුකාංග සදහා සහතික ලබාගැමේ හැකියාව ඔබට ඇත. ලෝකයේ රටවල් 141 ක භාෂාවන් 24 කින් මෙහි විභාග සදහා පෙනී සිටිය හැකිය. කුමන රටෙහි කුමන භාෂාවෙන් විභාගය සදහා පෙනී සිටියද මෙහි පිළිගැනීම එකම ආකාරය වේ. මෙම විභාග ඉතාමත් ප්‍රායෝගිකය බොහෝවිට අප මුහුණ දී ඇති විභාගය ප්‍රශ්නයක පිලිතුරු හතරක් ඇති අතර ඉන් එකක් තෝරාගැනීම හෝ කිහිපයක් තෝරාගැනීමෙන් පිළිතුරු සටහන් කිරීමට හැකි වුවද Certiport විභාගයන් බොහොමයක පිළිතුර සැපයිය යුත්තේ අදාල ගැටලුව ප්‍රයෝගිකව සිදුකරන ආකාරය විස්තර කිරීමෙන්ය. උදාහරණයක් ලෙස එක්සෙල් හී PivotTable භාවිතයෙන් යම්කිසි ක්‍රියාවලියක් සිදුකිරීමට අපට කිවහොත් එය ප්‍රයෝගිකව සිදුකරන ආකාරය එස්සෙල් මෘදුකාංගයට ගොස් සිදුකළ යුතුවේ. මෙනිසාම මෙය ප්‍රායෝගික අත්දැකීම් ඇති අයට වඩා ප්‍රයෝජනවත් වේ. ප්‍රායෝගික දැනුමෙන් පිරිපුන් ප්‍රයෝගික මිනිසුන්ට මෙම විභාගය කදිම අත්දැකීමක් වනු ඇත.

සිතන්න ලංකාවේ කොපමන පිරිසක් Photoshop භාවිත කරයිද? සැබෑ ලෙසම ගතහොත් ඔවුන්ට එම මෘදුකාංගය භාවිතයෙන් කළ නොහැක්කේ කුමක්ද?, නමුත් ඔවුන්ගේ දැනුම පෙන්වීමට ඔවුන්ට ඇති සහතිකය කුමක්ද?. ඔවුන්ට වෙනත් රටක රැකියාවක් ලබාගත හැකිද?. නමුත් දැන් ඔබට එම හැකියාව තිබේ ඔබ කළ යුත්තේ මෙම ආයතනයේ විභාගයක් අන්තර්ජාලය ඔස්සේ කිරීම පමණි, ඔබගේ ජීවිතයට පාට අලුතින් එක්වනු ඇත. ඔබට වෙනදාට වඩා ඉහළ පිළිගැනීමක් ලැබෙනු ඇත. එම පිළිගැනීම ලංකාවේ වලංගු නොවුනද වෙනත් රටකට හොද සුදුසුකමක්ය.

මොහොතක් සිතන්න. ඔබගේ ජීවිතයට ඔබ පාට දෙනවාද ඔබේ පාට අනුනට දෙනවාද?.