රජයේ වේවා පුද්ගලික අංශයේ වේවා කුමන ආයතනයකට වුව කාලය රන් හා සමාන වටිනා කමින් යුතුය. සාමාන්‍යයෙන් මාසික ප්‍රගති සමාලෝචනයක් බොහෝ ආතනය විසින් පවත්වනු ලබන අතර මේ සඳහා විශේෂයෙන් මෘදුකාංග කිහිපයක් ප්‍රයෝජනයට ගනු ලබයි. මෙහිදී වර්ඩ්,එක්සෙල්, හා පවර් පොයින්ට් මේ අතරින් සුවිශේෂී ස්ථානයන් ගනු ලබයි. බොහෝවිට මාසික ප්‍රගති සමාලෝචනයට සති දෙකකට පෙර මේ සඳහා සූදානම් වන බොහෝ දෙනෙක් අවසාන දිනයේ එක් ඉදිරිපත් කිරීමක් සාර්ථකව ඉදිරිපත් කරනු ලබයි. එනම් ඔවුන් තවමත් සිටිනුයේ මීට වසර 20 කට පෙර සිටි අවදියේම වන බවත් බොහෝ නොහැකියාවන්ගෙන් තවමත් සන්නර්ධ බව අපූරුවට නීරූපණය කරයි. වෙනසකට ඔවුන් වෙත අලුත් පරිගණක ලැබී ඇති බවත් ඉන් නික්මෙන අලුත් ප්ලාස්ටික් සුවද විදිමින් සිටීන බවත් ඔවුන් පසක් කරනු ඇත.

මෙහි ඇති අපූර්වත්වය නම් සියල්ලන්ගෙන්ම ඔබ වර්ඩ්, එස්සෙල්,පවර් පොයින්ට් දන්නවාදැයි කියා විමසුවහොත් ලැබෙන උත්තරය මෙලෙසින්ම අමන්දාජනකය. අයියෝ ඕවත් සොෆ්ට්වෙයාද?. ඕක සුලුදෙයක් නේ, යැයි ඇතැම් විට කියනු ඇත. නමුත් සැබෑ පිළිතුර විය යුත්තේ දැනට අවුරුදු තුනක් හතරක් මෙම මෘදුකාංග වැළඳගෙන සිටියද තවමත් මෙම මෘදුකාංග වල මූලික පහසුකම්වත් ඔවුන් නොදන්නා බවය. යම් ලෙසකින් මෙම මෘදුකාංග හා එහි ඇති පහසුකම් ඔබ දන්නේ නම් ඔබට දවස් හතරක් පහක් මහන්සි වී කරනු ලබන වැඩය විනාඩි දෙක තුනකින් කරගත හැකිය. මාසික ප්‍රගති වාර්ථාව, වාර්ෂික ගිනුම් ප්‍රකාශය විනාඩි කිහිපයකින් සැකසිය හැකිය. මේ සඳහා ඔබ මෙම මෘදුකාංග වල ඇති සැබෑ පහසුකම් සැබෑ ලෙසම දැනගත යුතුය.

වර්ඩ්, එස්සෙල්, පවර්පොයින්ට්, ඇක්සස්, අවුට්ලුක් කාර්යාලයක් තුළ භාවිත වන මෘදුකාංග කිහිපයක්ය මේ සියල්ල ඔබ දන්නවායැයි ඇතැම් විට ඔබ කියුවද ඔබ එය ඔප්පු කරනුයේ කෙසේද?.

1.වැඩවලින්.
2. සහතික වලින්.
මොනවාද මේ වෙනුවෙන් ඇති සහතික. මේ සඳහා ඔබට ඔන් ලයින් විභාගයක් වෙනුවෙන් පෙනී සිට ලෝකයේ ඕනෑම රටක් විසින් පිළිගනු ලබන සහකිතයක් ලබාගත හැකිය. මෙම සහතිකය Microsoft Office Specialist කියා හදුන්වනු ලබයි. Certiport ආයතනය විසින් පවත් වනු ලබන මෙම විභාගය එක්තරා අකාරයකට ඔබ දැනුමෙන් සැබෑලෙසම සවිමත්දැන් විමසා බලයි. වර්ඩ්,එස්සෙල්,පවර්පොයින්ට්,ඇක්සස්, අවුට්ලුක් හා ශෙයාපොයින් යන මෘදුකාංග වෙනුවෙන් මෙම විභාගයට ඉල්ලුම් කළ හැකි අතර , මෙහිදි ඔබ විසින් ප්‍රායෝගිකව මෙම මෘදුකාංග යන් හී ඇති පහසුකම් භාවිත කරනු ලබන අන්දම විභාගයේදී ලැබෙන ප්‍රශ්න වලට අදාල මෘදුකාංගය භාවිතයෙන්ම පිළිතුර ප්‍රායෝගිකව ලබාදිය යුතුවේ. මෙය සුවිශේෂී වනුයේ කිසිදු ලෙසකින් හෝ නොහැකියාවෙන් යුතු පුද්ලයන්ට මෙම සහතිකනම් කිසි විටක ලබාගත නොහැකි වීමය. ඒ මන්ද යත් මෙය ප්‍රායෝගික වීමය.



ඉතින් අවම ලෙස ඔබ විසින් භාවිත කරනු ලබන එක් මෘදුකාංගයක් වෙනුවෙන් හෝ Microsoft Office Specialist සහතියක් ලබාගන්න. ඒ කුමක් නිසාවත් නොව මෙම සහතිකය ලබාගැනීම වෙනුවෙන් මෙම මෘදුකාංගයේ සෑම අස්සක් මුල්ලකම ඇති පහසුකම් ඔබ විසින් දැනගත යුතුවේ.එමගින්ම ඔබ දැනුමින් සන්නර්ධ වනු ඇත. සාමාන්‍යයෙන් මෙම විභාගයෙන් සමත්වනුයේ එයට මුහුන දෙන 1/3 ක් වැනි ප්‍රමාණයක්ය. එයට ඔබ බිය විය යුතු නැත මන්ද යත් ඔබ සැබෑ දක්ෂයෙකු නම් ඔබ සිටිනුයේ මෙම 1/3 කොටසේ වන හෙයින්ය.

ඔබ මෙලෙසින් සැබෑ දක්ෂයෙක් වූ පසුව නැවතත් එම දැනුම පුලුල්ව ඔප මට්ටම් කරගත් පසුව Microsoft Office Expert කෙනෙකු වීමේ කාර්යය ඇරඹිය හැකිය. මෙහිදී වර්ඩ් හා එස්සෙල් මෘදුකාංග දෙක වෙනුවෙන් මෙම සහතිකයට හිමිකම් කීමේ හැකියාව ඇත. මෙහිදී ඔබ විසින් එක්සේල් මෘදුකාංගය තෝරාගත හොත් එක්සෙල් හී ඇති function සියල්ලත් මෙහි ඇති macro පහසුකම හා XML පහසුකම වැනි කොටස් ඔබ විසින් ආවරනය කළ යුතුය. වර්ඩ් මෘදුකාංගයේදීත් එහි ඇති සියලු පහසුකම් macro හා XML වැනි කොටස් ආවරනය වේ.

අවසාන වශයෙන් ඔබට Microsoft Office Master කෙනෙකු විය හැකිය.

මේ සඳහා expert යටතේ තිබෙන වර්ඩ්, එස්සෙල් මෘදුකාංග දෙකත්, Microsoft Office Specialist යටතේ තිබෙන වර්ඩ්,එස්සෙල්, පවර්පොයින්ට් යත මෘදුකාංග තුනත් ඇක්සස් හෝ අවුට්ලුක් යන මෘදුකාංග දෙකෙන් එකක් සඳහා ද සහතික ලබා තිබිය යුතුය.

ඔබ Microsoft Office Master කෙනෙකු වනවාද , මයිකෝසොෆ්ට් ඔපිස් මැට්ටෙක් ලෙස තවදරටත් සිටිනවාද යන්න ඔබට හෝ ඔබ ආයතනයට තීරණය කිරීමේ වගකීම මම ඔබට පවරමි.