SHARE

(පැරණි ලිපියකි). මා වෙනදා රාජකාරී කළේත් ජීවත් වූවේත් ගම්පොළය. මෙම වසරේ මා තීරණය කළ පරිදි සියබලාණ්ඩුව වෙත රාජකාරි මාරුවක් ලබාගතිමි. සියබලාණ්ඩුවේ වැසියන් වූ කලී ලොකු හරි අපූරු පුද්ගලයන්ය. මොවුන්ගේ ඇතැම් වැඩ මට ගෙන දු‍න්නේ ආතල්මය. ගොඩක් මිනිසුන් කරන්නේ එක දෙයක්ය, කියන්නේ වෙන දෙයක්ය. අපි කඩේ යන්නේ නෑ කියමින් සුපර්මාකට් යති. අපි මුදල් දී මෘදුකාංග  ගන්නේ නෑ කියමින් Credit Card වලින් ගෙවා ඒවා මිලදී ගනී. ‍අපි එයා එක්ක තරහයි කියමින් Virtual Box  තුළ Linux දාගෙන පොරටෝක් දෙති. ඔයා ඒක දාන්න එපා මේක දාන්න යැයි කියති. අපි විවෘත කියමින් ක්ලෝස් කඩේ දොරට හොරෙන් තට්ටු කරති. මේ බුවා ලන්තයේ  සිටින මගේ මොලයත් දැන් දැන් අවුල් වෙමින් තිබෙනවා යැයි මට ‍සිතේ.

Ubuntu හී ඇති රසය ද නොඅඩුව විඳි මට එයද දැන් දැන් එපාවී ඇත. මෙනිසාම මගේ 64 බිට් ලැපට – Mac OS  දාගෙන එහි ඇති අපූරුව රසවිඳින්න මට සිතුණි. VMware Server හි Create Virtual Machine යන්න තෝරා   VMware  හී Virtual Machine එකක් සැකසීම ආරම්භ කළෙමි. පසුව .VMX ගොනුවෙහි කුඩා වෙනස්කම් කිහිපයක් කොට  Mac OS  ස්ථාපිත කළෙමි. දැන් එය අනංග රංගනයේ යෙදේ. පහත දැක්වෙන වීඩියෝව නරබන්න. මෙම ලිපියේ ගොඩක් තාක්ෂණික කොටස් මා විසින් ලිවීම නොකරන ලදි. යම් ලෙසකින් යම් ‍තොරතුරක් අවශ්‍ය වේ නම් එය ලබාදීමට සූදානම්ය.

NO COMMENTS

LEAVE A REPLY