නමුත් එක්සෙල් හී ඇති Conditional Formatting පහසුකම භාවිතයෙන් දත්ත සඳහා කොන්දේසි ඇතුළත් කිරීමෙන් එම කොන්දේසියට එකඟ දත්ත පමණක් වෙනස් වූ ආකාරයකින් නිරූපනය කරගත හැකිවේ. මෙම පහසුකම වඩා ප්‍රයෝජනවත් පහසුකමක් වනුයේ එමගින් අපට රූපික අදහසක් ලබාදෙන බැවින්ය. එක් උදාහරණයක් ඇසුරින් මෙම පහසුකම විමසා බලමු.
ඉහත උදාහරණයෙහි දැක්වෙන worksheet එකෙහි සතියේ එක් එක් දිනයන් හී එක් එක් ස්ථාන පහක් වෙත ලැබුනු වර්ෂාපතනය ලකුනු කොට ඇත. මෙහිදී වැඩිම වර්ෂාවක් ලද දින හා ස්ථාන පහ කුමක්දැයි හදුනාගැනීමට අවශ්‍ය යැයි සිතන්න. මේ සඳහා අපට conditional formatting යටතේ තිබෙන Top/Bottom Rules යටතේ දැක්වෙන Top 10 Items යන කොන්දේසිය තෝරාගන්න.
මෙහිදී අපගේ කොන්දේසිය වනුයේ වැඩිම වර්ෂාවක් ලද අවස්ථා පහ බැවින් 10 වෙනුවට 5 යන්නද with යන්නෙන් ලබාදිය යුතු වර්ණ ගැලපුමද හදුන්වාදෙන්න. එවිට වැඩිම වර්ෂාවක් ලද අවස්ථා පහ ඉහත රූපයේ පරිදි දැකගත හැකිවනු ඇත.
Data Bars
දත්තයන් ඇතුළත් කොට ඇති සෙල්එක තුළම එහි සටහන් කොට ඇති අගයෙහි වටිනා කම වැඩිම හා අඩුම අතර අගය සමඟ සංසංදනාත්මකව හා එම සෙල්එකෙහිම ප්‍රස්තාරයක් ආකාරයෙන් නිරූපණය කිරීම සඳහා Data Bars යන පහසුකම භාවිත කළ හැකිය. මෙහිදී තෝරාගත් දත්තයන්ගෙන් වැඩිම අගය දැක්වෙන සෙල්එක සම්පූර්ණ වර්ණ ගැන්වී හා අනෙක් සෙල් එම අගය අනුව ප්‍රමාණාත්මකව වර්ණ ගැන්වී දැකගත හැකිය. පහත දැක්වෙන උදාහරණය නිවැරදිව අවබෝධ කොට ගන්න.
Highlight Cells Rules

මෙහිදී අපට කැමති ආකාරයෙන් මෙම කොන්දේසි භාවිත කළ හැකි වුවද වඩා වැඩි කොන්දේසි ප්‍රමාණයක් ලබාගැනීම සඳහා මෙහි දැක්වෙන More Rules… යන විධානය තෝරාගත හැකිය. මෙමගින් බොහෝ කොන්දේසි ඇතුළත් කිරීමටත් අපට කැමති ආකාරයෙන් format කිරීමත් කළ හැකිය. මෙමගින් අපගේ දත්ත වඩා ආකාර්ශනීය හා පැහැදිලි ආකාරයෙන් නිරූපණය කළ හැකිවේ.
