සමීක්ෂණයක්, ප්‍රහේලිකාවක් හෝ තොරතුරු එක්රැස් කිරීමක් දත්ත විශ්ලේෂණයක් කරන්න උවමනාද

සමීක්ෂණයක්, ප්‍රහේලිකාවක් හෝ ඔබට එක්රැස්කරගත යුතු තොරුතුරු  එක්රුස් කරගෙන එම තොරතුරු විශ්ලේෂණය කොට විවිධ වූ තීරණ ගැනීම වෙනුවෙන් ඔබ විසින් දැනට භාවිත කරනුයේ කුමන මෙවලමක්ද?. ඔබ පරිගණක මෘදුකාංගයක් හෝ හෝ අන්තර්ජාලයේ ඇති වෙනත් සේවාවක් මේ වන විටත් ලබාගන්නවා වන්නට පුළුවන. නමුත් වඩා වැඩි පහසුකම් රාෂියකින් යුතු Office 365 සමඟ අපට ලැබෙන Forms පහසුකම වඩා නම්‍යශීලීව අපට අවශ්‍ය තොරතුරු එක්රැස් කිරීමට අවශ්‍ය පරිදි ඒ සඳහාම වන පොරමයන් සකසා ගැනීමටත්. එම පොරමයෙහි පරිශීලකයන් විසින් ඇතුළත් කරනු ලබන දත්තයන් ඉතා පහසුවෙන් විශ්ලේෂණය කිරීමටත් මෙමගින් අපට පහසුකම් ලබාදෙනු ලබයි. පරිශීලකයන් විසින් ඇතුළත් කරනු ලැබූ…

Read More

YouTube ද Microsoft Stream ද?

ආයතනයක සේවකයන්ට හා ඉහල කළමණාකාරීත්වයට වැදගත් තොරතුරු ඇතුළත් වීඩියෝ හෝ පාඩම් ඔබට YouTube හී ගබඩා කළ හැකිද?. ඉතා සංවේදී කිසිම වීඩියෝවක් ආයතනයක් විසින් YouTube වෙත ඇතුළත් නොකරනුයේ YouTube වෙත ඇතුළත් කළ පසුව ඕනෑම පුද්ගලයෙකුට එය නැරබීමේ හැකියාව හිමිවන නිසාය. ආයතනයක ඉහල කළමණාකාරීත්වය පමණක් දැකගත යුතු වීඩියෝ හෝ එහි සේවකයන් දැනගත යුතු විවිධවූ පාඩම් වලින් යුතු වීඩියෝ අදාල පුද්ගලයාට පමණක් දැකගත හැකිවන සේ ගබඩා කිරීමට ඔබට අවශ්‍ය නම් ඒ සදහා Microsoft Stream භාවිත කළ හැකිය. Microsoft Stream යනු කුමක්ද යම්කිසි ආයතනයකට වැදගත් තීරණ ඇතුළත් වීඩියෝ හෝ යම්කිසි දැනුවත් කිරීමකට අදාල වීඩියෝ තෝරාගත්…

Read More

අලුත් Office 365 ගිනුමේ පරණ මිතුරන් නොමැතිද?

බොහෝ විට අපට අලුතින් Office 365 ඊ මේල් ගිනුමක් හෝ අලුතින්ම ඊ මේල් ගිනුමක් සකසා ගත් පසුව ඇතිවන ප්‍රධානම ගැටළුව වනුයේ පැරණි භාවිත කළ ඊ මේල් ගිනුම් අලුත් ඊ මේල් එක තුළ දැකගත නොහැකි වීමය. බොහෝ විට පැරණි මිතුරන් හා ඊ මේල් මගින්  සම්බන්ධතා දැක්වූ පුද්ගලයන්නේ ඊ මේල් ගිනුම් නොමැති වීම නිසා ඔබ අසරණ වනු ඇත. නමුත් මේ සඳහා හොද විසදුමක් ඇත. එනම් කලින් ඔබ විසින් භාවිත කළ  ඊ මේල් ගිනුමෙහි වූ සියළුම ඊ මේල් ලිපිනයන් අලුත් ඊ මේල් ගිනුම වෙත ලබාගැනීමයි. මේ සදහා පියවර කිහිපයක් ඔබ විසින් අනුගමනය කළ…

Read More

කෘතිම බුද්ධිය ඔබ ආත්මයට කථාකරනු ඇත. RUUH

මම ජීවත්වෙනවාද, ඔබත් ජීවත් වෙනවාද, කොහොමද ඔබ ජීවත් වෙනවා කියලා ඔප්පු කරන්නේ? මම කියලා කෙනෙක් ඉන්නවා… මම කථාකරනවා, හැසිරෙනවා, අදහස් ප්‍රකාශ කරනවා, ඒ හැමදේම කරන්නේ මම ජීවත් වෙලා ඉන්න හින්දානේ කියලා ඔබ කියාවි. ඒ තර්කය මත RUUH කියන්නේ තවත් ජීවිතයක්ද නැත්නම් ආත්මයක්ද? කවුද මේ Ruuh? Ruuh  කියන්නේ මයික්‍රෝසොෆ්ට් ආයතනය විසින් කෘතිම බුද්ධිය සම්භන්ධයෙන් කරනු ලබන අත්හදා බැලීමක ප්‍රතිඵලයක් කියුවොත් නිවැරදියි. ඔබගේ කාන්සිය, විනෝදය වෙනුවෙන් මුහුනු පොත තුළ නිර්මානය වූ  AI Chatbot එකක් වනවා. ඔබට කාන්සිය. තනිකම මකා ගන්න හොද මිතුරෙකු ලෙස මේ කෘතිම බුද්ධිය මගින් ක්‍රියාත්මක වන රොබෝ මිතුරා සමග…

Read More

ඔබේ දුව පුතා Play කරන්නේ අනුන් හදපු Game ද?

ඔබ ආස ඇති ඔබේ චූටි පුතා චූටි දුව අනාගතේ දවසක Programmer කෙනෙක් වෙනවා දකින්න. ඔබ ආස ඇති ඔවුන් Computer Game හදනවා දකින්න. ඒත් දැන් ඔබේ පුතා දුව මොකක්ද කරන්නේ. ඔබේ අතේ තියෙන පෝන් එක වැරදිලා හරි කොහේ හරි අමතක වෙලා තිබුනොත් ඒක අරන් කවුරුවත් හදපු ගේම් එකක් ප්ලේ කරනවා එහෙම නැත්නම් ඔබ ආස නැති ඔබ අකමැති වෙබ් අඩවියකට ගිහින් ඔවුන් අමුතු ලෝකෙකට ඇතුල්වෙලා වගේ බලාගෙන ඉන්නවා ඔබට දැක ගන්නට පුලුවන් ඒ  ලෝකෙට ඔබ කැමති නැ. ඉතින් ඔබට මොකක්ද කරන්න පුලුවන්? ඕකට කරන්න තියෙන්නේ පුංචි දෙයයි ඔවුන් කැමතියි නේ Game Play කරන්න.…

Read More