Word 2013 වලින් අපට ලැබුනු PDF වෙනස් කිරීමේ පහසුකම – නැති බැරි මොහොතට

අපි කොපමන Cloud Space ගැන කථා කළත් Backup කරන විදි ගැන කථා කළත් පොඩි අත්වැරැද්දකින් වසර ගණනක් අපහසුවෙන් සකසා ගත් පරිගණක ගොනු විනාශ වී යා හැකිය. මා විසින් ඉතා පරිස්සමින් Backup කොටගෙන ආරක්ෂා කොටගෙන තිබූ Hard Disk එකක් හිටිහැටියේ නතරවිය. කොපමණ උත්සාහ කළද එය නැවත කිසිදින පරණ ආකාරයෙන් ක්‍රියාත්මක නොවන බව තේරුම්ගත් පසුව ඇතිවූයේ බලාපොරොත්තු සුන්වූ හැගීමක්විය.  මා විසින් ලියනු ලබන පරිගණක වැඩසටහන් Team Foundation Server හී ඇතිබැවින් සියලුම පරිගණක වැඩසටහන් වල  කේතයන් එලෙසින්ම නැවත ලබාගත හැකිය. නමුත් Hard Disk එකෙහි මා විසින් Adobe InDesign භාවිතයෙන් සැකසූ කිසිදු කෘතියක් නැවත…

Read More

වර්ඩ් යනු ටයිප්රයිටරයක්ම පමණක්ම නොවේ

Microsoft Office මෘදුකාංග එකතුවට සමාන කළ හැකි වෙනත් මෘදුකාංග එකතුවක් කිසිම ආකාරයකින් සොයාගත නොහැකිය. මෙහි ඇති පහසුකම් අනන්තය දක්වා විහිදී යන අතරම අපට කිසිදින අවශ්‍ය නොවන තරම් පහසුකම් වලින් මෙය පරිපූර්ණය. Word මෘදුකාංගය ගතහොත් එහි ඇති එක් පහසුකමක් තුළ වෙනත් මෘදුකාංග රාශියක පහසුකම් එක් තැන් වී ඇත.  වර්ඩ් හි සකසනු ලබන ලිපියක් තුළට පින්තූරයක් ඇතුළත් කළ පසුව එම පින්තූරය වෙනස් කම් කිරීමට අදාල පහසුකම් රාශියක් දැකගත හැකිය. පින්තූරයක වෙනස් කම් කිරීමට අප විසින් පොටෝෂොප් මෘදුකාංගය භාවිත කරන අතරම පොටෝෂොප් මෘදුකාංගයේ ඇති පහසුකම් වලින් බොහෝමයක් පහසුකම් වර්ඩි හී ද දැකගත හැකිය.…

Read More

කලින් කළ දෙයක් කොපි කරලා අලුත් ලිපියට පේස්ට් කරනවාද? -වෙනත් පහසුකම් නැතිද? වර්ඩ් හී වැඩ කෑලි

බොහෝ විට වර්ඩ් පාවිච්චි කරන ඔබ යලි යලිත් කරනු ලබන බොහෝ ක්‍රියාවලීන් සිදුකරනුයේ කලින් සැකසූ ලිපියක් විවෘත කොට පසුව ඉන් එක් කොටසක් තෝරාගැනීමෙන් පසුව copy කොට අලුතින් සකසනු ලබන ලිපියට Paste කිරීමෙන්ය. මෙම ක්‍රියාවලිය උදාහරණයක් සහිතව විස්තර කළ හොත් ඒ සඳහා දිය හැකි හොඳම උදාහරණය වනුයේ ආයතනයක ලිපි ශ්‍රීර්ෂය වේ. මෙහිදී මෙම ලිපි ශ්‍රීර්ෂය යොදා ඔබ විසින් කලින් සකසා ගබඩා කොටගෙන ඇති ලිපියක් විවෘත කොට ඉන් ලිපි ශ්‍රීර්ෂය Copy කොට අලුතින් සකසනු ලබන ලිපියෙහි ඉහළ කොටසට Paste කිරීම සාමාන්‍යයෙන් කරනු ලබයි. නමුත් මෙවැනි නැවත නැවත ලිපියකදී භාවිත කළයුතු කොටස් පහසුවෙන්…

Read More

සිංහල අක්ෂර දෝෂ නොමැති ලිපියක් සැකසීමට මයික්‍රොසොෆ්ට් ඔබට උදව් වනු ඇත.

සිංහල භාෂාවෙහි ඇති අක්ෂර නිවැරදිව භාවිත කිරීමට නම් සිංහල භාෂාව හා එහි අක්ෂර භාවිතය පිළිබඳ ව නිවැරදි අවබෝධයක් තිබිය යුතුමය. එසේ නොමැතිව අප  විසින් ලිපියක් සැකසුව හොත් බොහෝ විට අක්ෂර දෝෂ  ව්‍යාකරණ දෝෂ බොහෝ විට දැක ගත හැකි වේ. නමුත් ඔබ ඔෆිස් මෘදුකාංග භාවිත කරයි ඔබට සිංහල වචන වල ඇති අක්ෂර දෝෂ නිවැරදි කර දීමට මයික්‍රොසොෆ්ට් ඔබට උදව් වනු ඇත.  http://www.microsoft.com/si-lk/download/details.aspx?id=36528 ඔෆිස් 2007, 2010, 2013 යන සංස්කරණයන්  වෙනුවෙන් ඔබට මෙම සෝදුපත්   මෙවලම් ලබාගත හැකි අතර මෙය බාගත කිරීමෙන් අනතුරුව ස්ථාපිත කර ගැනීමෙන් පසුව වර්ඩ් හී Set Proofing Language…  යන්න තෝරා…

Read More